Song Title : Viyo Wu Pasuwai Danenne (වියෝ වූ පසුවයි දැනෙන්නේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//
ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි..
දියට වන් විට එවන් ගගුලම
බිහිසුනුයි චණ්ඩයි..
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්..
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්..
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//
0 comments:
Post a Comment