Upatha Laba Me Loke Song Lyrics - උපත ලබා මේ ලෝකේ ගීතයේ පද පෙළ

Upatha Laba Me Loke Song Lyrics - උපත ලබා මේ ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Upatha Laba Me Loke (උපත ලබා මේ ලෝකේ)
ගායනය : ධර්මදාස වල්පොල
සංගීතය : ආර්. මුත්තුසාමි
ගී පද : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
චිත්‍රපටිය : මාතලන්


උපත ලබා මේ ලෝකේ
සැපත නැතේ වේ සෝකේ
උපත ලබා මේ ලෝකේ
සැපත නැතේ වේ සෝකේ
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ

දනපතිඳා හා දුගියා
කුලපතිඳා හා රොඩියා
කුලපතිඳා හා රොඩියා
නැණවතු හා මෝඩ ජනයා
බලවතු හා ලෝ සැමටා
නැණවතු හා මෝඩ ජනයා
බලවතු හා ලෝ සැමටා
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ

සැපම සොයාලා නිතිනී
මනුසත මේ ලෝ රැවටී
මනුසත මේ ලෝ රැවටී
රුදු අපරාදේ ගැලෙතී
ගොර දුක වේවී නිරෙහී
රුදු අපරාදේ ගැලෙතී
ගොර දුක වේවී නිරෙහී
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ

සැම රෙදි සේදී ජලෙනී
පිරිසිදු වේවී සොඳිනි
පිරිසිදු වේවී සොඳිනි
දන මන සෝදා ලනසේ
ඔසු නැත මේ ලෝකේහී
දන මන සෝදා ලනසේ
ඔසු නැත මේ ලෝකේහී
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment