✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පැය 2ක් වගේ පොඟවාගත් රතු පරිප්පු ග්‍රෑම් 250
- රතුළූණු ගෙඩි 12ක් පමණ
- අමුමිරිස් කරල් කිහිපයක්
- උම්බලකඩ කුඩු මේස හැඳි 5
- කරපිංචා
- කෑලිමිරිස් ටිකක්
- ලුණු
- පොල්තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගන්න. ටිකක් කෑලි ගතිය හිටින්න බ්ලෙන්ඩ් කරගත්තත් කමක් නෑ. දැන් රතුළූණු, කරපිංචා, අමුමිරිස් හීනියට ලියාගන්න.
- දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගත් පරිප්පු ටිකට එකතු කරන්න. කෑලි මිරිස් ටිකත් දාගන්න. රස අනුව ලුණු දාගන්න. උම්බලකඩ ටිකත් එකතු කරගන්න.
- දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. උම්බලකඩ වඩේ එක ටිකක් බිත්තර ශේප් නිසා අතින් ඒ හැඩයේ පොඩි බෝල හදාගෙන ගැඹුරු තෙලේ අඩු ගින්දරේ පරිප්පු වඩේ වගේම බාගෙට බැදල තියල නැවත බැදගන්න.
ලේඩි බර්ඩ්
0 comments:
Post a Comment