Santhaapayen Song Lyrics - සන්තාපයෙන් ගීතයේ පද පෙළ

Santhaapayen Song Lyrics - සන්තාපයෙන් ගීතයේ පද පෙළ
Song Title : Santhaapayen (සන්තාපයෙන්)
Artist : Harshadewa Ariyasinghe
Featuring, Music Composition : Raj
Lyrics : Nilar N Cassim
Programming : Kapil
Mixing, Mastering : Ruban
Produced by : Harshadewa Ariyasinghe


සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ
හිස් වාතලේ ඈ සොයා
තාරුකාවෙන් මං පෙත් අසා
මේ පාළු තනි යහනේ

පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ
පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ

ගිම්හාන ගින්නක් වී
හිත් යාය ගිනිලාවී
උස් ස්වප්නයක් වේ ජීවිතේ

ගිම්හාන ගින්නක් වී
හිත් යාය ගිනිලාවී
උස් ස්වප්නයක් වේ ජීවිතේ

වාලුකාවේ වැස්සක් වගේ
පාලු වූ මේ සන්තානයේ
වැගිරෙන්න ආවත් ඉතින්
සුපිපේවී පෙම්වත් කුසුම්

පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ

මල් රේනු විස්සෝපයේ
මල් යාය හැරයාවී
රෑ සියොන්ගේ ගී මැදින්

මල් රේනු විස්සෝපයේ
මල් යාය හැරයාවී
රෑ සියොන්ගේ ගී මැදින්
පාලු වූ මේ යාමේ ගිලී
හාද වූ දා පෑ ආදරේ

පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ
පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment