Re Pura Song Lyrics - රෑ පුරා ගීතයේ පද පෙළ

Re Pura Song Lyrics - රෑ පුරා ගීතයේ පද පෙළ
Song Title : Re Pura (රෑ පුරා)
ගායනය : ඩැඩී, ගයාන් පෙරේරා
සංගීතය : ඩැඩී


මා දිහා බලනවා
ඒ නිල් නුවන් දිලෙනවා
නිල්වන් ගැබේ දිස්වෙනා
තරුමල් වගේ පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා

මා තනි යහනේ දුටු හීන
නෑ තනිවුයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනෙමයි හැමදාම
ඔබ යන්නනම් එපා හැර මාව

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා

සරා සඳ නැගුනාවේ
මටනම් නැ නින්දක් තනියහනේ
නිශා යාමේ කිඳුරන් රෑඟුවා සේ
ළං වී සිත් දැන්නම් බැඳුනාවේ

ආදරේ දැනෙනවා
හද පත්ලේ මෝරනා
පැතු මේආදරේ
කළලයක් වී මා සිතේ
තැවෙනවා දැවෙනවා රිදෙනවා

මා තනි යහනේ දුටු හීන
නෑ තනිවුයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනෙමයි හැමදාම
ඔබ යන්නනම් එපා හැර මාව

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා //

රෑ පුරා හීනෙනුත් පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා
රෑ පුරා රුව ඔබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment