Ranin Mala Song Lyrics - රනින් මාල ගීතයේ පද පෙළ

Ranin Mala Song Lyrics - රනින් මාල ගීතයේ පද පෙළ
Song Title : Ranin Mala (රනින් මාල)
ගායනය : ග්‍රේෂන් ආනන්ද
සංගීතය : ග්‍රේෂන් ආනන්ද
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ

ඔරු කඳ ලත වෙනවා මැදැළ හැනැහෙනවා
අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා //
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...

නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ //
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment