පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake])

පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way
මම අද පොල් කේක් එකක්  හැදුවා . මෙහෙමයි මම හැදුවේ . 

✅ අවශ්‍ය දේවල් :

  • සිහින්ව ගා ගත් පොල් 300g
  • පාන් පිටි 150g
  • සීනි 225g (දුබුරු පාට)
  • බිත්තර 2
  • රට ඉදි 100g
  • වියලි මිදි 50g
  • කජු ටිකක් (රටකජු)
  • වැනිලා තේ හැඳි 2 
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2
  • බේකින් සෝඩා තේ හැඳි 1/2
  • උණු වතුර 200ml

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම පොල් කේක් එක බේක් කරන ට්‍රේ එකට මාජරීන් හෝ තෙල් ගා යටට පාච්මන්ට් හෝ තෙල් කඩදාසියක් එලා එහිත් මාජරීන් ගාන්න . පැත්තකින් තබන්න .
  2. දැන් රටඉදි , වියලි මිදි සහ කජු කපන්න . පැත්තකින් තබන්න . 
  3. පෙනේරයකට පාන් පිටි , බේකින් පවුඩර් සහ බේකින් සෝඩා දමා හලා පැත්තකින් තබන්න .
  4. භාජනයක් ලිප තබා එයට සීනි මේස හැදි 4 දමා කැරමල් කරන්න  පසුව එයට උණු වතුර 200ml දමා ඉතිරි සීනි ටික දමා උණු කරන්න . 
  5. සීනි බුබුළු දමන විට පොල් ටික එකතු කර හොදින් කලවම් කර පොල් පැණි සාදා ගන්න . පොල් පැණි එක තෙත ගතියට තිබිය යුතුයි . එලෙස ලිපෙන් ඉවත් කර නිවෙන්න තබන්න . 
  6. බිත්තර 2 භාජනයකට දමා ව්ස්ක් එකෙන් ටිකක් විස්ක් කරන්න . එයට  වැනිලා එකතු කරන්න .විස්ක් කරන්න .
  7. පසුව   කපා ගත් රට ඉදි , වියලි මිදි සහ කජු දමා විස්ක් කරන්න. 
  8. දැන් මෙම මිශ්‍රණය පොල්  පැණි එකට දමා මිශ්‍ර කරන්න . අවසානෙට පිටි මිශ්‍රණය දමා spatula එකකින් හෝ හැන්දකින් කලවම් කරන්න .
  9. දැන් මිශ්‍රණය ලැස්ති කර ගත් ට්‍රේ එකට දමන්න .  දෙපාරක් තට්ටු කරන්න (tap).
  10. උශ්නත්වය 180ට විනාඩි 10 pre heat වු oven එකේ විනාඩි 35-40  පමණ බේක් කරන්න . 
  11. බේක් වුවාට පසු ට්‍රේ එකෙන් ඉවතට ගෙන නිවෙන්න තියන්න.  
  12. නිවුනාට පසු කපා කන්න .
මේක බර 900g ක් වගේ වෙන්නේ. සාමාන්‍යයෙන් කෑලි 16ක් වගේ කපාගන්න පුළුවන්.

Dhammika Panangala
පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way

පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way

පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment