Song Title : Mulu Sakwala Salitha Wemin (මුලු සක්වල සලිත වෙමින්)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)
මුලු සක්වල සලිත වෙමින්
නැංවූ සිහනද සිහිකොට
තිසාවැවේ වැව් දියමත.
වෙසක් සදේ සුදු බුදු රැස්.
දියදහරේ නැහැවෙන්නේ......
ජය සිරි මහ බෝපත් හැම
හදවත සොම්නස පුරවා
විදුරසුනේ පෑ පෙළහර,
විහිදුණු බුදුරැස් සිහිකොට
සිලිසිලියෙන් පවන් සැලේ........
භව අදුරෙන් සත මුදවා
ලොව සැනසූ ගෝතම බුදූ
තෙමගුල් සිරි මිහිර නැගේ........
දිවමන් බුදුහිමි ගුනයෙන්
ලෝකය රැක දෙනුමැනවී
රත්නමාලි සෑ රජුනේ🙏🙏🙏
මල්❤
0 comments:
Post a Comment