✅ 🖊️අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌈️ කිරි පිටි මේස හැඳි දෙකක්
- 🌈️ මාගරින් / බටර් කෝප්ප භාගයක්
- 🌈️ සීනි පවුඩර් කෝප්ප භාගයක්
- 🌈️ වැනිලා තේ හැඳි බාගයක්
- 🌈️ පාන් පිටි කප් එකක්
- 🌈️ බේකින් සෝඩා හෝ බේකින් පවුඩර් තේ හැඳි භාගයක්
✅ 🖊️සාදන ක්‍රමය :
- 🥄 සීනි ටික බ්ලෙන්ඩර කර ගන්න .
- 🥄 සීනි වලට මාගරින් හෝ බටර් ටික දමා හොදින් කලවම් කරන්න .
- 🥄 පාන් පිටි වලට බේකින් සෝඩා හා බේකින් පවුඩර් දමා හලා ගන්න .
- 🥄 මිශ්‍ර කර ගත් සීනි හා මාගරින් වලට කිරිපිටි හා පාන් පිටි දමා හොඳින් කලවම් කරන්න . වැනිලා ද එක් කරන්න .
- 🥄 අතේ නොඇලෙන පිටි මෝලියක් වනතුරු හොඳින් අනාගන්න .( මෙය මෘදු පිටි මෝලියකි )
- 🥄 කැඩෙන සුළු නම් පාන් පිටි ස්වල්පයක් එකතු කරන්න .
- 🥄 ලෑල්ලක පිටි මෝලිය තුනී කර කැමති හැඩයකට කුකීස් කපා ගන්න .
- 🥄 බටර් ගාගත් තැටියක කුකීස් තබා , කිරිපිටි තේ හැන්දක් උණු වතුර මේස හැන්දක දියකර හෝ කිරි ස්වල්පයක් උඩින් ආලේප කරන්න .
- 🥄 අවන් එක180°C විනාඩි දහයක් ප්‍රී හීට් කර , විනාඩි දොළහක් බේක් කරගන්න
එහෙම නැත්නම් භාජනයක් ලිපේ තබා cooling rack එකක් දමා ඒක උඩින් කුකීස් ට්‍රේ එක තියලා විනාඩි 20-25 විතර දෙපැත්ත හරවල බේක් කර ගන්න (සැරින් සැරේ ටිකක් බලන්න )
🛡️ චන්දිමා රණසිංහ …… ❤️ 🛡️ Chandima Ranasingha …… ❤️
0 comments:
Post a Comment