Song Title : Mawa Mauwe Oyatamayido (මාව මැව්වේ ඔයාටමයිදෝ)
Artist : Saga Sri
Music : Shenal Maddumage
Lyrics : Saga Sri
මාව මැව්වේ ඔයාටමයිදෝ - පෙම් කෙරුවේ මා ඉතා
හීන ගානේ ආවෙ ඔයාදෝ - නින්දට බාධා තියා..
දෑස මානේ පේන රූපේ - මගේදෝ ඔබ මගේම දෝ
මාව මැව්වේ ඔයාටමයිදෝ - පෙම් කෙරුවේ මා ඉතා
මා සිතේ ඇඳුනේ ඔයාදෝ ප්රාර්ථනාවක් වෙලා
පෑ සිනා සිතෙහීම රැඳුනේ ජීවිතේ ඔබ වෙලා..
අද බෝ සේ ඇසේ පෙම් කතා මගෙ ලෝකේ ඔයාටම වෙලා..
ආයෙ පතනා ආත්මයේදී - වෙන්නකො ඉපදී මගේ
නෑවිදින්නම් ඉන්නේ නෑ මං - පෙම් කෙරුවේ ඔබටමයි...
මා කෙරෙන් නොසිතූ විලාසෙන් යන්නට ගියොතින් ඔයා..
වේදනා හද ගිණිබත් කරාවී හුස්මට නැවතුම් තියා..
හද ගැස්මේ රාවේ ඔයා පණ ගැහෙනා හුස්මත් ඔයා..
මාව මැව්වේ ඔයාටමයිදෝ - පෙම් කෙරුවේ මා ඉතා
මාව මැව්වේ ඔයාටමයිදෝ - පෙම් කෙරුවේ මා ඉතා
හීන ගානේ ආවෙ ඔයාදෝ - නින්දට බාධා තියා
දෑස මානේ පේන රූපේ - මගේදෝ ඔබ මගේමදෝ
මාව මැව්වේ ඔයාටමයිදෝ - පෙම් කෙරුවේ මා ඉතා
0 comments:
Post a Comment