Manmula Wela Andure Me Song Lyrics - මංමුලා වෙලා අඳුරෙ මේ ගීතයේ පද පෙළ

Manmula Wela Andure Me Song Lyrics - මංමුලා වෙලා අඳුරෙ මේ ගීතයේ පද පෙළ
Song Title : Manmula Wela Andure Me (මංමුලා වෙලා අඳුරෙ මේ)
ගායනය : ධර්මදාස වල්පොල
සංගීතය : ධර්මදාස වල්පොල
ගී පද : කරුණාරත්න අබේසේකර
චිත්‍රපටිය : දීපශිකා


මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා //
වේය සිතෙ සෝකෙන්
මේ ආලෙන් මේ බීමෙන්
විනාසෙ වැටි වැනසෙනවා සැමා

මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

රූපෙට රැවටිල ඇති සිත රාගෙන්
නාස්ති කළේ ඇයිද වැරදි තාලෙන්
මිහිරි විනෝදේ
බොහෝ සේ වින්දේ තේරී තේරී වේදනා

මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

ජීවිතේ මේකද නැහැ තව තේරී
මේ ලොව සිහිනෙකි මායාකාරී
මිහිරි රස මිහිරි
වූ රාගේ වින්දේ ඇයිද විස ලෝකයා

මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

මේ ලෙස ඇයි ඔබ ලෝකෙ මුලාවී
ආදර මිහිරි විනෝදෙ එපා වෙල
මායා මේ මායා
දැලෙහි පැටලී වෙලීල ඇයි අනේ

මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා //
වේය සිතෙ සෝකෙන්
මේ ආලෙන් මේ බීමෙන්
විනාසෙ වැටි වැනසෙනවා සැමා

මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment