මාළු පාන් හදමු (Malu Pan Hadamu [Fish Ban])

මාළු පාන් හදමු (Malu Pan Hadamu [Fish Ban]) - Your Choice Way
මම අද ☕ වෙලාවට කන්න මාළු පාන් හැදුවා . උණු උණුවේ එන්න කන්න . හරිම රසයි වගේම හරිම මෙලෙකයි . මම  හැදුවේ මෙහෙමයි .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි  කප්   2    240g
  • මාජරීන් මේස හැදි 1 
  • බිත්තර 1 
  • කිරිපිටි මේස හැදි  1
  • ලුනු තේ හැඳි 1
  • යන්තම් සීතල අයිස් වතුර 
  • ඊස්ට් තේ හැඳි 1 
  • සීනි තේ හැඳි 1 
  • මද උණුසුම් වතුර කප් 1 /4 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව කප් එකකට මද රස්නෙ වතුර ටික දමා සීනි තේ හැඳි 1 එකතු කර මිශ්‍ර කරන්න . දැන් ඊස්ට් තේ හැඳි 1 දමා කලවම් කරන්න . පියනකින් වසා විනාඩි 10 පැත්තකින් තබන්න පිපෙන්න .
  2. බිත්තර 1  කප් එකකට දමා ගැරුප්පුවකින් තට්ටු කර පැත්තකින් තබන්න . 
  3. භාජනයකට පිටි දමා පිපුණු ඊස්ට් මිශ්‍රණය එකතු කරන්න . ඊලගට මාජරීන් මේස හැදි 1 , කිරිපිටි මේස හැදි 1, ලුණු තේ හැඳි 1 සහ ගසාගත් බිත්තර 1 භාගයක් දමා අතින් මිශ්‍ර කරන්න . 
  4. පසුව අයිස් වතුර ටික ටික දමා ටිකත් ඝන ඩෝ එකත් සාදා ගන්න . දැන් මෙම ඩෝ එක විනාඩි 7ක් පමණ නීඩ් කරන්න . වැඩියේ අත තද කරන්න එපා. 
  5. දැන් මෙම ඩෝ එක දික් අතට රෝල් කර සමාන කොටස් 6කට වෙන් කරන්න . 
  6. පසුව එක එක කොටසකින්   බෝල සාදා ට්‍රේ  එකක තබා ලන්ච් ශීට් එකකින් වසන්ත . ඊට උඩින් ස්වියට් එකක් එලන්න. මෙලෙස විනාඩි 30 තබන්න .
  7. එම වේලාව අතරතුර තමන්ට කැමැති පිරවුමක් සාදා ගන්න . .
  8. විනාඩි 30 ට පසු පිටි තැවරු ලැල්ලක් මත එක එක බෝල ගෙන තුනී කර පිරවුම මැද තබා මාළු පාන් හැඩයට නමා මාජරීන් තැවරු ට්‍රේ එහෙක තබන්න . 
  9. දැන් මෙම ට්‍රේ එක නැවතත් වසා විනාඩි 30 තබන්න . 
  10. විනාඩි 30 ට පසු ඉතිරි කරගත් බිත්තර සාරය මාළු පාන් වල උඩින් ගා උශ්නත්වය 200ට විනාඩි 10ක් පෙර උණුසුම් (pre heat) වු අවන්(oven) එකේ විනාඩි 25 ක්පමණ  බේක් කරන්න .  
  11. පසුව බේක් වු මාළු පාන් එලියට ගෙන උඩින් මාජරීන් තවරන්න . 

Dhammika Panangala
මාළු පාන් හදමු (Malu Pan Hadamu [Fish Ban]) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාළු පාන් හදමු (Malu Pan Hadamu [Fish Ban]) මාළු පාන් හදමු (Malu Pan Hadamu [Fish Ban]) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment