අපි හැමදාම තේ බොන්නේ උණුවෙන්නේ. අද අපි cool එකෙන් බීලා බලමුද? හදන්නත් ලේසී ඒවගේම රසයි. එන්න අපි හදමු වෙනසකටත් එක්ක ලෙමන් අයිස් ටී.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- ☕️ හදාගත් තේ 1 l (ලීටර - 1)
- ☕️ සීනී රස අනුව
- ☕️ සිහින්ව පෙති කපා ගත් දෙහි ගෙඩි 2-3ක්
- ☕️ දෙහි යුෂ අවශ්‍ය පමණ
- ☕️ අයිස් කැට අවශ්‍ය පමණ
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම හදාගත් තේ හොදින් නිවෙන්න තබන්න.
- දැන් වීදුරුවලට ¾ ක් පමණ තේ දමාගන්න.
- ඉන්පසු දෙහි යුෂ, සීනි හා දෙහි පෙති දමා කලවම් කරගන්න.
- අයිස් කැට අවශ්‍ය පමණට දමා පිළිගන්වන්න.
මේ Lemon Ice Tea හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.
සියලු දෙනාට සුභ දවසක්...රස පදම
0 comments:
Post a Comment