පසුගිය සතිවල කොවිඩ් වසංගතය පරදා ලොව සියලු දෙනාගේම දෑස් යොමු වූයේ ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම් වල අලුත්ම තත්ත්වය දෙසටය. තෙවන ලෝක යුද්ධයක ඉගි පලකරමින් ඇවිලී යන මෙම ගැටුමින් මේ වන විටත් කුඩා දරුවන් ඇතුළු බොහෝ පිරිසකගේ ජීවිත අහිමි කර අවසානය. මෙම නවතම ප්‍රචණ්ඩත්වය ජෙරුසලමේ මාස ගණනක් තිස්සේ පැවති ආතතීන්ගේ පීපිරී යාමක් ලෙස දැකිවිය හැකිය. එහෙත් මෙම ගැටුම දශක ගණනාවක් තිස්සේ පැවත එන්නකි.
පළමු ලෝක සංග්‍රාමයට පෙර පලස්තීනය නමින් හැඳින්වෙන ප්‍රදේශය පාලනය කරන ලද්දේ ඔටෝමාන් අධිරාජ්‍යයා විසිනි. පළමු ලෝක මහා සංග්‍රාමයෙන් ඔටෝමන් අධිරාජ්‍යයා පරාජයට පත්වීමෙන් පසු මැදපෙරදිග එම ප්‍රදේශයේ පාලනය බ්‍රිතාන්‍යයන් සතු විය. මෙම භූමියේ යුදෙව් සුළුතරයක් සහ අරාබි බහුතරයක් වාසය කරන ලදී.
නමුත් මේ දෙපිරිස අතර තිබූ නොසන්සුන්තාව තවත් වර්ධනය වූයේ ජාත්‍යන්තර ප්‍රජාව පලස්තීනයේ යුදෙව්වන් සඳහා “ජාතික නිවාසයක්” (national home) පිහිටුවීමේ කාර්යය බ්‍රිතාන්‍යයට ලබා දීමත් සමඟය. යුදෙව්වන්ට එය ඔවුන්ගේ මුතුන් මිත්තන් සිහි වීම සදහා තනන නිවහනක් වූ නමුත් පලස්තීන අරාබිවරු ඊට තදින් විරුද්ධ වූහ.
1920 සිට 1940 දක්වා කාලය තුළ එහි පැමිණි යුදෙව්වන්ගේ සංඛ්‍යාව තවත් වැඩි වූ අතර බොහෝ දෙනෙක් යුරෝපයේ හිංසා පීඩාවලින් පලා ගොස් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු නිජබිමක් සෙවූ අය විය. ක්‍රමයෙන් යුදෙව්වන් සහ අරාබිවරුන් අතර ප්‍රචණ්ඩත්වය සහ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ද ප්‍රචණ්ඩත්වය වර්ධනය විය.
1947 දී එක්සත් ජාතීන්ගේ සම්මේලනය පලස්තීනය වෙනම යුදෙව් හා අරාබි රාජ්‍යයන් ලෙස දෙකට බෙදීමට ඡන්දයකින් සම්මත වූ අතර ජෙරුසලම ජාත්‍යන්තර නගරයක් බවට පත්විය. එම සැලැස්ම යුදෙව් නායකයින් විසින් පිළිගත් නමුත් අරාබි පාර්ශවය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර එය කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය.
1948 දී ගැටලුව විසඳීමට නොහැකි වූ අතර බ්‍රිතාන්‍ය පාලකයින්ද ඉවත්ව යන ලදී. යුදෙව් නායකයින් ඊශ්‍රායල රාජ්‍යය නිර්මාණය කරන බව ඉන් අනතුරුව ප්‍රකාශ කළහ. බොහෝ පලස්තීනුවන් ඊට විරුද්ධ වූ අතර යුද්ධයක් ඇති විය. අසල්වැසි අරාබි රටවල් වල භට පිරිස්ද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන පලස්තීනය ආක්‍රමණය කරන ලදී.
අවසානයේ සිය දහස් ගණන් පලස්තීනුවන්ට තම නිවාස අහිමි වූ අතර සෑම වසරකම මැයි 15 වන දිනට යෙදෙන දිනයදා පලස්තීනුවන්ට නිවාස අහිමි වී සරණාගතයින් බවට පත්වීමට හේතු වූ සිදුවීම් සිහිපත් කරයි. ඔවුන් එය හඳුන්වන්නේ අල්-නක්බා නොහොත් ව්‍යසනය (the Catastrophe) ලෙසයි.
ඊළඟ වසරේ සටන් විරාමයකින් සටන අවසන් වන විට ඊශ්‍රායලය බොහෝ ප්‍රදේශ තම පාලනයට නතු කරගෙන සිටින ලදී. ජෝර්දානය බටහිර ඉවුර ලෙස හැඳින්වෙන භූමිය අත්පත් කර ගත් අතර ඊජිප්තුව ගාසා තීරය අත්පත් කර ගත්තේය. ජෙරුසලම බටහිරින් ඊශ්‍රායල් හමුදා සහ නැගෙනහිරින් ජෝර්දාන හමුදා අතර බෙදී ගියේය.
කිසි විටෙකත් සාම ගිවිසුමක් හෝ සාමය සදහා කතාබහක් ඇති නොවූ අතර සෑම පාර්ශ්වයක්ම අනෙකාට දොස් පැවරීම පමණක් සිදු කළහ. ඊළඟ දශක කිහිපය තුළ තවත් යුද්ධ විශාල ලෙස එම පෙදෙසේ ඇති විය.
1967 දී සිදු වූ තවත් යුද්ධයක දී ඊශ්‍රායලය නැගෙනහිර ජෙරුසලම සහ බටහිර ඉවුර මෙන්ම සිරියානු ගෝලාන් කඳු මුදුන් ද ගාසා සහ ඊජිප්තු සීනයි අර්ධද්වීපය ද අත්පත් කර ගැනීමට සමත් විය.
බොහෝ පලස්තීන සරණාගතයින් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ මෙන්ම අසල්වැසි ජෝර්දානය, සිරියාව සහ ලෙබනනයේ ජීවත් වෙති. ඔවුන්ට හෝ ඔවුන්ගෙන් පැවතෙන්නන්ට නැවත සිය නිවෙස් කරා යාමට අවසර නොමැත. ඊශ්‍රායලය පවසන්නේ යළි ඔවුන් පැමිණිය හොත් යුදෙව් රාජ්‍යයක් ලෙස එහි පැවැත්මට තර්ජනයක් වනු ඇති බවයි. පසුගිය අවුරුදු 50 තුළ ඊශ්‍රායලය යුදෙව්වන් 600,000 කට වැඩි ප්‍රමාණයක් වාසය කරන මෙම ප්‍රදේශවල ජනාවාස ඉදිකර තිබේ.
පලස්තීනුවන් පවසන්නේ මේවා ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී බවත් සාමයට බාධාවක් බවත් නමුත් ඊශ්‍රායලය මේවා ප්‍රතික්ෂේප කරයි.
ඕනෑම අනාගත සාම ගනුදෙනුවක් සඳහා දෙපාර්ශ්වයම එකඟ වී සාමය සදහා කටයුතු කෙරෙන තෙක් මෙම ගැටුම් දිගටම පවතිනු ඇත. එහෙත් එම දිනය වන තුරු නැති වන්නේ වටිනා මිනිස් ජීවිත බව මින් එක පාර්ශවයක් හෝ අවබෝධ කරගනී දැයි සැක සහිතය.
විශ්මිත ඉතිහාසය
අරාබි හමුදාවේ සෙබළුන් 1948 මාර්තු මාසයේදී යුදෙව් ඒජන්සියේ ස්වයං ආරක්ෂක බලකාය වන හගනාහි යුදෙව් සටන්කරුවන්ට වෙඩි තබමින් |
විසිවන සියවසේ මුල් භාගයේ බෙත්ලෙහෙම |
ඊශ්‍රායල් නිදහස් යුද්ධ භටයෙක් 1948 |
1967 සය දින යුද්ධයේදී ඊශ්‍රායල හමුදා නැගෙනහිර ජෙරුසලම අල්ලා ගැනීමෙන් පසු ඊශ්‍රායල හමුදා අණ දෙන නිලධාරීන් නැගෙනහිර ජෙරුසලමට පැමිනීම |
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment