Dilidune Daruwane Song Lyrics - දිළිඳුනේ දරුවනේ ගීතයේ පද පෙළ

Dilidune Daruwane Song Lyrics - දිළිඳුනේ දරුවනේ ගීතයේ පද පෙළ
Song Title : Dilidune Daruwane (දිළිඳුනේ දරුවනේ)
ගායනය : ග්‍රේෂන් ආනන්ද
ගී පද : සෝමපාල ලීලානන්ද
සංගීතය : සෝමපාල රත්නායක


අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ...

දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ //
අම්මා පෙව් කිරි කඳුලෙන් ‍මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන් ‍මේ ලොව මෙතරම් හැඩවුණේ

කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා

දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුලෙන් ‍මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ

පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා

දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ //
අම්මා පෙව් කිරි කඳුලෙන් ‍මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment