Dalwu Pahan Song Lyrics - දැල්වූ පහන් ගීතයේ පද පෙළ

Dalwu Pahan Song Lyrics - දැල්වූ පහන් ගීතයේ පද පෙළ
Song Title : Dalwu Pahan (දැල්වූ පහන්)
මුල්  ගායනය  : ලක්ෂ්මන් විජේසේකර සහ චන්ද්‍රලේඛා පෙරේරා
ගී පද  : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය  : ආචාර්ය රෝහණ වීරසිංහ


දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

ආ….ආ…ආ
ආ….ආ….ආ
ආ….ආ…ආ
ආ….ආ….ආ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment