බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම (Broken Glass Jelly Pudding)

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම (Broken Glass Jelly Pudding) - Your Choice Way
ජෙලි ❤️😘💜🧡💛💙🤍🤎 ලොකු පොඩි හැමෝම කන්න කැමතියිනේ. ඉතින් මේ තියෙන්නේ ජෙලි එක්ක කිරි එකතු කරලා හදන Broken glass jelly pudding එක. මේක super easy pudding එකක්. සෙට් වෙන්න යන කාලේ විතරයි. වැඩි.  හදලා බලමුද?? 

✅ අවශ්‍ය දේවල් :

  • අවශ්‍ය පාටින් ජෙලි පැකට් 4
  • ම්ල්ක් මේඩ් පොඩි ටින් 1 
  • ජෙලටින් 15g 
  • වැනිලා තේ හැදි 1 
  • උණුසුම් වතුර 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව ජෙලි පැකට් වෙන වෙනම හදා ගන්න ( උණුසුම් වතුර කෝප්ප 2 )..ඉන් පසු එය set වෙන්න තියන්න.
  2. ජෙලි ටික set උනාට පසුව තමයි ඉතිරි වැඩ ටික කරන්න පටන් ගන්නෙ...
  3. දැන් පුඩින් එක හදා ගන්න භාජනයට හොදින් බටර් ටිකක් ගා සකස් කර ගන්න.
  4. දැන්  භාජනයක් ලිප තබා ඉන් පසු කිරි ටින් එක කඩා එයට දමන්න ...දැන් එයට වතුර කෝප්ප 1 1/2 දමා රත් කර ගන්න ... ( මේ අතරතුරදී පොඩි භාජනයක් ගෙන එයට ඇල් වතුර ටිකක් දමා ගන්න...දැන් එයට ජෙලටින් ටික විසිරුවා යන විදිහට දමන්න..)(එහෙම දාපුවම ජෙලටින් ටික කැටි වෙන්නෙ නෑ )දැන් එය කවලම් කරන්න ....
  5. දැන් රත් උන කිරි වලට ජෙලටින් මිශ්‍රණය දමා හොදින් කවලම් කරන්න ...වැනිලා ටිකත් මේ අතරතුරදී දමා ගන්න..දැන් එය ලිපෙන් බා ගන්න ....එය හොදින් නිවෙන්න තියන්න ...( සීතල වෙනකන් තියන්න අමතක කරන්න එපා...මොකද පොඩ්ඩක් හරි රස්නේ තිබුනොත් ජෙලි ටික දිය වෙයි...) 😥😥
  6. දැන් ජෙලි ටික වෙන වෙනම කොටු කපා ගන්න .දැන් බටර් ගා ගත් භාජනයකට පලමුව එක එක පාටින් ජෙලි කැබලි දමා ගන්න.දැන් ඊට උඩින් කිරි මිශ්‍රණය දමන්න ...දැන් නැවතත් ජෙලි කැබලි දමා ඊට උඩින් කිරි මිශ්‍රණය දමන්න ...මේ විදිහට කිරි සහ ජෙලි ටික දමා ගන්න ....
  7. දැන් මෙය පැය 10-12ක් ශිතකරණයේ සාමාන්‍ය කොටසෙහි තබා ආහාරයට ගන්න ....

Christeena's sweet creations - クリスティーナ で
බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම (Broken Glass Jelly Pudding) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment