Bhawayen Bhawe (Nadeeshani) Song Lyrics - භවයෙන් භවේ (නදීෂානි) ගීතයේ පද පෙළ

Bhawayen Bhawe (Nadeeshani) Song Lyrics - භවයෙන් භවේ (නදීෂානි) ගීතයේ පද පෙළ
Song Title : Bhawayen Bhawe (Nadeeshani) (භවයෙන් භවේ (නදීෂානි))
ගායනය : අබේවර්ධන බාලසූරිය
සංගිතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : ධර්ම ශ්‍රී වික්‍රමසිංහ


භවයෙන් භවේ පැතුමන් පුරා
ආවේ සොයා මා හද ආදරේ
නදීෂානී... නදීෂානී...
නදීෂානී... නදීෂානී...

නෙතුකැන් සැලේ මා හද ගිම් නිවා
දෙසවන් පුරා ඒ හසරැල් සලා
පිපි මල් සිනාවේ මධු රොන් සලා
ළතැවුල් නිවා ඈ මට ළං වෙලා

භවයෙන් භවේ පැතුමන් පුරා...

නටඹුන් අතීතේ දෑතින් වසා
අද මෙන් සදා කල් සනසන්න මා
දිවි මං තලාවේ සෙවණක් සොයා
යුගයෙන් යුගේදී හමුවන්න මා

භවයෙන් භවේ පැතුමන් පුරා
ආවේ සොයා මා හද ආදරේ
නදීෂානී... නදීෂානී...
නදීෂානී... නදීෂානී...

නදීෂානී... නදීෂානී...
නදීෂානී... නදීෂානී... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment