බේක්ඩ් පැට්ස් හදමු (Baked Patties Hadamu)

බේක්ඩ් පැට්ස් හදමු (Baked Patties Hadamu) - Your Choice Way
අද පැටිස් හැදුවා බේක් කරලා හවස තේ වෙලාවට. එන්න හැමෝම කන්න උණු උණුවේ.

✅ අවශ්‍ය දේවල් :

  • පාන් පිටි   300g
  • බටර්   100g
  • බිත්තර කහමද 1 
  • බේකින් පවුඩර් තේ හැදි 1/4
  • ලුණු තේ හැඳි 1 
  • අයිස් වතුර  80ml

✅ සාදා ගන්නා ආකාරය :

  1. පිටි එකට ලුණු සහ බේකින් පවුඩර් දමා අනන්න . බටර් දමා අනන්න . බිත්තර කහමද 1 ට අයිස් වතුර මේස හැදි 1 දමා ගැරුප්පුවකින් තට්ටු කර පිටි මිශ්‍රණය ට දමා අනන්න . 
  2. දැන් අයිස් වතුර ටික ටික දමා අනන්න ටිකක් ඝන ඩෝ එකත් සාදා ගන්න . 
  3. දැන් ඩෝ එක ටිකක් නීඩ් කර  ඉටි කොලයකින් ඔතා ශීත කරනයේ පැය බාගයක් තබන්න .
  4. එම අතරතුර තමන්ට කැමැති පිරවුමක් සාදා ගන්න . 
  5. දැන්  ඩෝ එක ශිත කරණයෙන් ගෙන පිටි තැවරුණු ලෑල්ලක් මත තුනී කර රවුම් කපාගෙන පිරවුම තබා වටේ තද කර  ගැරුප්පුවකින් ඉරි අදින්න. උඩින් බිත්තර කහමද සාරය ගාන්න .
  6. බටාර් ගා පිටි ඉහගත් ට්‍රේ එහෙක 170ට විනාඩි 10ක් පෙර රත් (Pre heat) කරපු අවන් (Oven) එකේ විනාඩි 30 බ්‍රේක් (bake) කරන්න . [එක එක අවන් (Oven) එකෙන් අවන් (Oven) කාලය වෙනස් වෙනවා . කියන්න අමාරුයි.]
Dhammika Panangala
බේක්ඩ් පැට්ස් හදමු (Baked Patties Hadamu) - Your Choice Way

බේක්ඩ් පැට්ස් හදමු (Baked Patties Hadamu) - Your Choice Way

බේක්ඩ් පැට්ස් හදමු (Baked Patties Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment