අද පැටිස් හැදුවා බේක් කරලා හවස තේ වෙලාවට. එන්න හැමෝම කන්න උණු උණුවේ.
✅ අවශ්‍ය දේවල් :
- පාන් පිටි 300g
- බටර් 100g
- බිත්තර කහමද 1
- බේකින් පවුඩර් තේ හැදි 1/4
- ලුණු තේ හැඳි 1
- අයිස් වතුර 80ml
✅ සාදා ගන්නා ආකාරය :
- පිටි එකට ලුණු සහ බේකින් පවුඩර් දමා අනන්න . බටර් දමා අනන්න . බිත්තර කහමද 1 ට අයිස් වතුර මේස හැදි 1 දමා ගැරුප්පුවකින් තට්ටු කර පිටි මිශ්‍රණය ට දමා අනන්න .
- දැන් අයිස් වතුර ටික ටික දමා අනන්න ටිකක් ඝන ඩෝ එකත් සාදා ගන්න .
- දැන් ඩෝ එක ටිකක් නීඩ් කර ඉටි කොලයකින් ඔතා ශීත කරනයේ පැය බාගයක් තබන්න .
- එම අතරතුර තමන්ට කැමැති පිරවුමක් සාදා ගන්න .
- දැන් ඩෝ එක ශිත කරණයෙන් ගෙන පිටි තැවරුණු ලෑල්ලක් මත තුනී කර රවුම් කපාගෙන පිරවුම තබා වටේ තද කර ගැරුප්පුවකින් ඉරි අදින්න. උඩින් බිත්තර කහමද සාරය ගාන්න .
- බටාර් ගා පිටි ඉහගත් ට්‍රේ එහෙක 170ට විනාඩි 10ක් පෙර රත් (Pre heat) කරපු අවන් (Oven) එකේ විනාඩි 30 බ්‍රේක් (bake) කරන්න . [එක එක අවන් (Oven) එකෙන් අවන් (Oven) කාලය වෙනස් වෙනවා . කියන්න අමාරුයි.]
Dhammika Panangala
0 comments:
Post a Comment