Upan Bimata Kisida Song Lyrics - උපන් බිමට කිසිදා ගීතයේ පද පෙළ

Upan Bimata Kisida Song Lyrics - උපන් බිමට කිසිදා ගීතයේ පද පෙළ
Song Title : Upan Bimata Kisida (උපන් බිමට කිසිදා)
ගායනය : විජය කුමාරතුංග සමග මාලනී බුලත්සිංහල


උපන් බිමට කිසිදා ගරහන්න එපා
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා

වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ...
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ

උපන් බිමට කිසිදා ගරහන්න එපා
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා

අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ...
මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ
පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසන් සැලකූ ගසයි සිතාපන්නේ...

උපන් බිමට කිසිදා ගරහන්න එපා
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment