Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ ගීතයේ පද පෙළ

Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ ගීතයේ පද පෙළ
Song Title : Udumbara Manaliye (උදුම්බරා මනාලියේ)
ගායනය : දයාරත්න රණතුංග
සංගීතය : සරත් දසනායක
ගී පද : උපාලි ධනවලවිතාන


උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//

අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//

කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා
සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment