Uda Gire Ire Song Lyrics - උදා ගිරේ ඉරේ ගීතයේ පද පෙළ

Uda Gire Ire Song Lyrics - උදා ගිරේ ඉරේ  ගීතයේ පද පෙළ
Song Title : Uda Gire Ire (උදා ගිරේ ඉරේ)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


උදා ගිරේ ඉරේ
නිශා සමේ සඳේ
භවෙන් භවේ සොයා එමී
ඔබේ නුවන් ජලේ

තෙපුලේ විලාසිතාවේ
දෙතොලේ සිනා ලතාවේ
සිතුවම් මැකී නොයේවා
මහදේ රැඳී සදා

උදා ගිරේ ඉරේ...

සසරේ අනන්ත කාලේ
ඔබගේ නුවන් තටාකේ
හද වේදනා නිවේවා
ගමනේ විඩා නිවා

උදා ගිරේ ඉරේ
නිශා සමේ සඳේ
භවෙන් භවේ සොයා එමී
ඔබේ නුවන් ජලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment