Thanikamata Huru Wela Hadawatha Song Lyrics - තනිකමට හුරු වෙලා හදවත ගීතයේ පද පෙළ

Thanikamata Huru Wela Hadawatha Song Lyrics - තනිකමට හුරු වෙලා හදවත ගීතයේ පද පෙළ
Song Title : Thanikamata Huru Wela Hadawatha (තනිකමට හුරු වෙලා හදවත)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)


තනිකමට හුරු වෙලා හදවත
දැනුනමුත් පාලුව කෙසේ
හද වෙලාගත් ආලයක් විය
හොරු අරන් හද ගිය වෙලේ

මනාලිය වී හිදින්නම් ඔබෙ 
සිනා පීදුනු හද මලේ
හැගුම්බර ඔය නෙත් කැලුම් 
නිබද මගේ හද කුල්මත් කලේ

ලගින් සිටිනා සෑම විට ඔබ 
සැනසුමයි ගෙන රැන්දුවේ
කිසිම විටකත් නොවේ දුක් බිය
කිසිත් මා හට ලං උනේ

මා වටා බැදි පවුර සේ නිබදව
සුරකිමින් මට පෑ සෙනේ
කිසිම දිනකදි හැර නොයන්නම්
මවෙත දුන් පෙම්බර සෙනේ

පතිනියක් වී ඔබේ සෙවනේ
සිටින තුරු ජීවන මගේ
ප්‍රාන සම කොට රකින්නම් මා
ඔබට පිදු පති දම් මගේ.. 

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment