ස්පයිසි චිකන් සබ්මැරීන් හදමු 🥖🥖🥖 (Spicy Chicken Submarine Hadumu)

ස්පයිසි චිකන් සබ්මැරීන් හදමු 🥖🥖🥖 (Spicy Chicken Submarine Hadumu) - Your Choice Way
මේ තමා මං කන්න ආසම කරන කෑම.  සබ්මැරීන් කියපු ගමන් මගෙ නම් මුලින්ම  ඔලුවට එන්නෙ ඩයිනමෝ එක. එහෙමයි කියල සැලෙනවද.. රෙසපි එක දාන්නම් හදන්න ගමුද....???

✅ අවශ්‍ය ද්‍රව්‍ය : 

ඩෝ එකට
  • පාන්පිටි 400g
  • ඇස්ට්‍රා 50g
  • බිත්තර 2
  • යීස්ට් මේස හැදි 1
  • සීනි ස්වල්පයක් 
  • රස අනුව ලුණු 
  • වතුර 
  • තල ඇට ස්වල්පයක් 

චිකන් ෆිලින් එකට
  • චිකන් 300g
  • සුදුලූණු හා ඉගුරු 
  • ඔලිව් තෙල් or එලවලු තෙල්
  • ලුණු ස්වල්පයක් 
  • කහ 
  • මිරිස් 
  • ගම්බිරිස් 
  • මාලු මිරිස් හෝ අමුමිරිස් 
  • රටලූනු 
  • දෙහි යුෂ
  • සලාද කොල
  • බී ලුණු පෙති
  • තක්කාලි පෙති
  • ගර්කින් පෙති
  • චීස් ස්ලයිස්
  • මයොනීස්
  • තක්කාලි හෝ මිරිස් සෝස් 

✅ සකස් කරන ආකාරය :

ඩෝ එක
  1. මුලින්ම යිස්ට් එකට සීනී, මද රස්නෙ වතුර දාලා කවලම් කරලා විනාඩි 10 තියන්න පිපෙන්න.
  2. පාන්පිටි අරගෙන එයට පිපුණු යීස්ට් , ඇස්ට්‍රා , බිත්තර , ලුණු දාලා කවලම් කරන්න. වතුර ටික ටික දාලා හොදින් අනන්න. විනාඩි 15 විතර නීඩ් කරන්න. ඒක සොෆ්ට් වෙනකොට ඔයාට තේරෙනවා. 
  3. ඊටපස්සෙ මේ ඩෝ එක 4ට කපල බෝල ආකාරයට රවුම් කරගන්න. 
  4. මේ බෝල විනාඩි 30 තෙත පිරිසිදු රෙදි කෑල්ලකින් වහල තියන්න. 
  5. විනාඩි 30 පස්සේ මේ බෝල අරගෙන රෝල් කරගන්න සබ්මැරීන් එකේ හැඩයට. ඒවා අවන් ට්‍රේ එකට දාලා ආපසු තෙත පිරිසිදු රෙදි කෑල්ලකින් වහල තියන්න විනාඩි 20 පිපෙන්න ඩබල් සයිස් වෙනකල්. 
  6. පසුව මෙහි උඩ බිත්තර සාරු ගාලා තල ඇට ටිකක් උඩින් දාන්න.
  7. විනාඩි 10ක් ප්‍රීහීට් කරපු අවන් එකේ 180°c විනාඩි 20 -30 කාලයක් බේක් කරන්න. දුඹුරු පාට වෙනකල් බේක් කරන්න. (ඔයාලෑ අවන් වල ටයිමින් වෙනස් වෙන්න පුලුවන් ඒ ඒ අවන් එකේ හැටියට.ඒ ගැන සැලකිලිමත් වෙන්න.)

චිකන් ෆිලින් එක
  1. ඉගුරු , සුදුලූණු අඹරලා පේස්ට් එක හදාගන්න පලමුව.
  2. චිකන් එක හොදට හෝදලා පොඩිවට කෑලි වලට කපාගෙන එයට මිරිස් , කහ, ගම්බිරිස් , ලුණු ටිකක් දාලා අනලා ඔලිව් ඔයිල් ටිකකුත් දා ගන්න. එයට දෙහි යුෂ ටිකකුත් එයටම එකතු කරන්න. 
  3. මෙය සීසන් වෙන්න පැය 2 තියන්න. 
  4. බාජනයක් ලිපේ තියලා ඔලිව් ඔයිල් හෝ පොල්තෙල් දාන්න. එයට හදාගත්ත සුදුලූණු පේස්ට් එක දාන්න. ඊටපස්සෙ එයට සීසන් වෙන්න තිබ්බ චිකන් එකතු කරන්න. 
  5. පසුව මෙයට කපාගත් මාලුමිරිස්, රටලූනු එකතු කරන්න.
  6. මේ චිකන් එක මද ගින්දරේ පිස ගන්න තෙත ගතිය යනකල්. පසුව ලිපෙන් බාගන්න.
  7. ඉන්පසුව සබ්මැරීන් බන් ‍ටික අරගෙන ඒවා හරහට වෙන් වෙන්න කපා ගන්න. ඒ කපා ගත් ඒවායේ මයොනීස් ගාන්න ඇතුල් පැති දෙකේම.
  8. යට කොටසේ පලමුව සලාද කොල ටික අතුරන්න. පසුව තක්කාලි පෙති, ලූණු පෙති ඊට උඩින් අතුරන්න. පසුව සාදාගත් චිකන් ෆිලින් එක අතුරා ඊට තක්කාලි හෝ මිරිස් සෝස් ටිකක් දාන්න ඔබේ කැමැත්ත පරිදි. මයොනීස් ටිකකුත් ඕනි නම් දාගන්න පුලුවන් ඔයාලට අවශ්‍ය නම්. ඊට උඩින් චීස් ස්ලයිස් ටික දාලා උඩ කොටසෙන් වහල කෑමට ගන්න. 

Shashi Lasanthi
ස්පයිසි චිකන් සබ්මැරීන් හදමු 🥖🥖🥖 (Spicy Chicken Submarine Hadumu) - Your Choice Way

ස්පයිසි චිකන් සබ්මැරීන් හදමු 🥖🥖🥖 (Spicy Chicken Submarine Hadumu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment