Song Title : Siyalu Gabini Mawwaru (සියලු ගැබිනි මව්වරු)
Lyrics : Lakshika Rathnamali (ලක්ෂිකා රත්නමාලි)
සියලු ගැබිනි මව්වරු කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වේවා.......
කුසයේ නැළවෙන පොඩි පුතු පැටියයි..
ආදරයේ උණුසුම දෙන
අම්මයි...
උතුම් බුදු ගුණ පිහිට
ලැබෙන්නයි ...
අම්මයි පැටියයි සුවයෙන්
ඉන්නයි ...
සියලුම දෙවියන් පොලොවෙ වඩින්නයි..
තිබෙනා රෝ බිය
දුරු කරලන්නයි ...
රටේ අනාගතේ රැකලා
දෙන්නයි...
අම්මයි පැටියයි සුවයෙන් ඉන්නයි ...
විශ්වයේ සම්පත සියලු
දරුවොයි..
එළිය දකින්නට අවසර
දෙන්නයි..
සොබාදහම ආශිර්වාද
කරන්නයි..
අම්මයි පැටියයි සුවයෙන්
ඉන්නයි..
ලක්ෂිකා රත්නමාලි✍️
0 comments:
Post a Comment