Song Title : Sath Ruwan Wessa Wassawanna (සත් රුවන් වැස්ස වස්සවන්න)
ගායනය : අතුල අධිකාරි සමග සමිතා මුදුන්කොටුව
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
සත් රුවන් වැස්ස වස්සවන්න මන්තරේද දන්නී
මේ ආත්මෙදිම කේතුමතියෙ දිනාර් මැද උපන්නී
මූදු හතෙන් එතෙර ගියත්
මව්බිම නම් කිරුළ හිසින් බිම නොතබන් නඟේ ...//
වැලි කතරේ සත්මහලේ
සඳළුතලේ වෙසෙන්නියා
පාවෙන මාලිගා සදිසි මොටෝරියෙන් වඩින්නියා
රට රට රාජ්ජේක වුණත්
සඳට උඩින් ඉගිල්ලෙනාසත් රුවන් වැස්ස වස්සවන්න මන්තරේද දන්නී
මේ ආත්මෙදිම කේතුමතියෙ දිනාර් මැද උපන්නී
මූදු හතෙන් එතෙර ගියත්
මව්බිම නම් කිරුළ හිසින් බිම නොතබන් නඟේ
කරදෙවටේ මුතු පොට සේ
සිනා කැළුම් දිලෙන්නියා
ඝණ මිණි රන් නෙක අභරණ සවන් දෑත සැලෙන්නියා
මොන දීපංකරේක ගියත්
ගමේ සුවඳ රකින්නියාසත් රුවන් වැස්ස වස්සවන්න මන්තරේද දන්නී
මේ ආත්මෙදිම කේතුමතියෙ දිනාර් මැද උපන්නී
මූදු හතෙන් එතෙර ගියත්
මව්බිම නම් කිරුළ හිසින් බිම නොතබන් නඟේ
0 comments:
Post a Comment