Saru Pasa Dile (Sagathayata Mulai) Song Lyrics - සරු පස දිලේ (සාගතයට මුලයි දහදිය) ගීතයේ පද පෙළ

Saru Pasa Dile (Sagathayata Mulai) Song Lyrics - සරු පස දිලේ (සාගතයට මුලයි දහදිය) ගීතයේ පද පෙළ
Song Title : Saru Pasa Dile (Sagathayata Mulai) (සරු පස දිලේ (සාගතයට මුලයි දහදිය))
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය :  ආචාර්ය වික්ටර් රත්නායක


සරු පස දිලේ පූදින ගොයමක් සේම..
මසුරන් දෙරණ ආකාසේ තරු සේම..
අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම..
නොඉඳින් මලේ අත පොරවා හැමදාම..

අහස තනිවේද විදුලිය කෙටුවාම..
පොළොව බය වේද මම බිම බැලුවාම..
මුහුද ගොඩ වේද ගොඩ රළ ගැසුවාම...
කුසේ ගිනි යාද අලසව හැඬුවාම..

වැවකට මුලයි දාසෙන්ලා බිහි වීම..
දුකකට මුලයි බුධදස්ලා නොලැබීම..
සාගතයට මුලයි දහදිය නොසැලීම..
පැරකුම්බා දවස සිහලුන් නැති වීම..///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment