Song Title : Sanda Sumudui Mudu Sisilai (සඳ සුමුදුයි මුදු සිසිලයි)
ගායනය : සමිතා මුදුන්කොටුව සමග අතුල අධිකාරි
පද : මාලිනී ජයරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
සඳ සුමුදුයි මුදු සිසිලයි
සඳ නැතුවම බැරි හන්දා
හිරු තෙද රැස ලොව බබලයි
හිරු නැතුවම බැරි හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
මවු පදවිය දුන් හන්දා
හිරු සඳු ලෙස මගෙ ලෝකෙට
එළිය දිදී ආ හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
පිය පදවිය දුන් හන්දා
දස මසක් ම මා සමගින්
එකට හුස්ම ගත් හන්දා
මගෙ දිවියෙන් ලද සතුටයි
නුඹ ජීවය ලද හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
මවු පදවිය දුන් හන්දා
නුඹ ම මමයි මා නුඹමයි
දෙදෙනෙකු නොම වන හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
පිය පදවිය දුන් හන්දා
සුමුදු ටිකිරි මුදු සෙනෙහස
අපෙ ලෝකෙට ගැලු හන්දා
අම්මා යන අතුම් පදය
නුඹ මා හට තැබු හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
මවු පදවිය දුන් හන්දා
ලොකු මිනිහෙකු නොවුනත් නුඹ
හොඳ මිනිහෙකු වන හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
පිය පදවිය දුන් හන්දා
0 comments:
Post a Comment