Sanda Ahase Song Lyrics - සැන්දෑ අහසේ ගීතයේ පද පෙළ

Sanda Ahase Song Lyrics - සැන්දෑ අහසේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Ahase (සැන්දෑ අහසේ)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග


සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා..//
සැන්දෑ අහසේ...

ඈත අතීතෙන් පියවර නඟමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා..
බලාපොරොත්තුව ලයට තුරුල් වී
ඈ එන පෙර මඟ බලා සිටිනවා..

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා..//
සැන්දෑ අහසේ...

දුකට මිහිර දෙන පාලුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා..
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා..

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා..//
සැන්දෑ අහසේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment