Sanasennam Ma Lyrics - සැනසෙන්නම් මා ගීතයේ පද පෙළ

Sanasennam Ma Lyrics - සැනසෙන්නම් මා ගීතයේ පද පෙළ
Song Title : Sanasennam Ma (සැනසෙන්නම් මා)
ගායනය : සේනක බටගොඩ 
සංගීතය : සේනක බටගොඩ 
ගී පද : සේනක බටගොඩ


රෑ අහසේ තරු දිලුනට
නෑ එලියක් හඳ වාගේ
ජීවිතයට මොනවා තිබුණද
නෑ කිසිවක් නුඹ වාගේ

සැනසෙන්නම් මා
නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට
ජීවිතයම

සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ
ඉපිලෙයි සිත

පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවී යන්නෑ සුළ‍ඟේ බොඳවී
ලෝකය ගැන නුඹ දකිනා සිත
පාට පාට දේදුන්නක් වාගේ

සැනසෙන්නම් මා
නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට
ජීවිතයම

සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ
ඉපිලෙයි සිත

සැනසෙන්නම් මා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment