Samuganna Mohothakata Pera Song Lyrics - සමුගන්න මොහොතකට පෙර ගීතයේ පද පෙළ

Samuganna Mohothakata Pera Song Lyrics - සමුගන්න මොහොතකට පෙර ගීතයේ පද පෙළ
Song Title : Samuganna Mohothakata Pera (සමුගන්න මොහොතකට පෙර)
ගායනය : බන්ධුල විජේවීර
තනුව : රෝහණ වීරසිංහ
පද : මානෙල් ජයසේකර


සමුගන්න මොහොතකට පෙර එකවතාවක්
හිනැහෙන්න පෙරදා වගේ
මුමුණන්න වදනක් පෙර සේම ළං වී
මිය ඇදෙන මතකය වගේ //

තුරු සෙවනේ මල් අතරේ
වැළපෙන කතාවක්
මද සුළඟේ පාවී ගියේ
සුසුමකට ළංවෙන්න
කඳුලක රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමුවුණේ
ඇයි ආදරෙන් හමුවුණේ

සමුගන්න මොහොතකට පෙර එකවතාවක්
හිනැහෙන්න පෙරදා වගේ
මුමුණන්න වදනක් පෙර සේම ළං වී
මිය ඇදෙන මතකය වගේ //

අවසන්ව යන මතක
හද වේදනාවෙන්ම
සතපන්න ළය මත මගේ
දිවි මං තලාවේ
මා පරදවාලන්න
ඔබ කිමද මට පෙම් කලේ
ඔබ කිමද මට පෙම් කලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment