සැමන් ඩෝනට්ස් හදමු (Saman Donuts Hadamu)

සැමන් ඩෝනට්ස් හදමු (Saman Donuts Hadamu)  - Your Choice Way
මම හැදුවා  රසම රස කැමක් ඊයේ තේ වේලාවට කන්න  . ඕන වේලාවට හොඳයි .  සැමන් ඩෝනට්ස්. 

✅ අවශ්‍ය දේවල් :

  • පාන් පිටි  කප් 3   400g
  • මද රස්නෙ වතුර 200ml 
  • මාජරීන්   කප්  1/4  ( දිය කරගත්)
  • සීනි මේස හැදි 1 
  • යීස්ට්   මේස හැදි 1 
  • ලුණු තේ හැඳි 1 
  • බිත්තර 1   

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව භාජනයකට පිටි සීනි ලුණු දමා අනන්න . 
  2. යීස්ට් එකතු කර මිශ්‍ර කරන්න . 
  3. දිය කරගත් මාජරීන් එකතු කරන්න .අනන්න . 
  4. බිත්තර 1  ගැරුප්පුවකින් තට්ටු කර එකතු කරන්න . 
  5. හොදින් මිශ්‍ර කරන්න .
  6. දැන් මද රස්නේ වතුර ටික ටික එකතු කර ඩෝ එකක් සාදා ගන්න.අතේ නොඇලෙන ඩෝ එකත් .
  7. විනාඩි 5ක් නීඩ් කර සොෆ්ට් ඩෝ එකක් සාදා ගන්න .
  8. ඩෝ එක උඩින්  තෙල් ටිකක් ගාලා සවියට් එකකින් වසා පැයක් තියන්න . 

දැන් පිරවුම සාදා ගමු

✅ අවශ්‍ය දේවල් :

  • සැමන් පොඩි ටින් 1
  • කැරට් තරමක අල  1 (සිහින්ව  දික් අතට කපාගත් ).
  • සිහින්ව කපා ගත් ගෝවා  .
  • සිහින්ව කපා ගත් අමු මිරිස් ,ළුනු, සුදුළුනු ,
  • කැලි මිරිස් 
  • ගම්මිරිස් 
  • ලුණු 

✅ සාදා ගන්නා ආකාරය :

  1. භජනයක් ලිප තබා තෙල් මේස හැදි 3 දමා සුදුළුනු දමා  බැදෙන විට ළුනු , අමුමිරිස් එකතු කර  බැද ගන්න. 
  2. කැලි මිරිස් ලුණු එකතු කරන්න . පසුව එළවළු එකතු කරන්න .
  3. පොඩි කරගත් සැමන් එකතු කර උයා ගන්න  .  
  4. අවසානෙට ගම්මිරිස් කුඩු තේ හැඳි 1 එකතු කර හොදින් කලවම් කරන්න .
  5. පැයකට පසු පිපෙන්න තිබු ඩෝ එක නීඩ් කර ලැල්ලක් මත තබා දික් අතට හදන්න. 
  6. කැලි 10 කට කපා පොඩි බෝල සාදා ගන්න . 
  7. එම බෝල  ලෑල්ල මත තුනීකර එය වටේට මිශ්‍රණය තබන්න .මැදට දාන්න එපා . 
  8. ඊට පසු වටෙන් මැදට  කර තද කරන්න . 
  9. ඊට පසු  ඩෝ එකේ මැද ඇගිල්ලෙන් සිදුරක් සාදා අතින් ඩෝනට් එකේ හැඩයට  සාදන්න . (පහල පින්තූර වල පෙනෙන පරිදි )
  10. එලෙස සියල්ලම  සාදා තව විනාඩි 10 ක් වසා තබන්න . 
  11. අවසානෙට ගැඹුරු තෙලේ මද ගින්දරේ බැද ගන්න.

Dhammika Panangala
සැමන් ඩෝනට්ස් හදමු (Saman Donuts Hadamu)  - Your Choice Way

සැමන් ඩෝනට්ස් හදමු (Saman Donuts Hadamu)  - Your Choice Way

සැමන් ඩෝනට්ස් හදමු (Saman Donuts Hadamu)  - Your Choice Way

සැමන් ඩෝනට්ස් හදමු (Saman Donuts Hadamu)  - Your Choice Way

සැමන් ඩෝනට්ස් හදමු (Saman Donuts Hadamu)  - Your Choice Way

සැමන් ඩෝනට්ස් හදමු (Saman Donuts Hadamu)  - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment