මම හැදුවා රසම රස කැමක් ඊයේ තේ වේලාවට කන්න . ඕන වේලාවට හොඳයි . සැමන් ඩෝනට්ස්.
✅ අවශ්‍ය දේවල් :
- පාන් පිටි කප් 3 400g
- මද රස්නෙ වතුර 200ml
- මාජරීන් කප් 1/4 ( දිය කරගත්)
- සීනි මේස හැදි 1
- යීස්ට් මේස හැදි 1
- ලුණු තේ හැඳි 1
- බිත්තර 1
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව භාජනයකට පිටි සීනි ලුණු දමා අනන්න .
- යීස්ට් එකතු කර මිශ්‍ර කරන්න .
- දිය කරගත් මාජරීන් එකතු කරන්න .අනන්න .
- බිත්තර 1 ගැරුප්පුවකින් තට්ටු කර එකතු කරන්න .
- හොදින් මිශ්‍ර කරන්න .
- දැන් මද රස්නේ වතුර ටික ටික එකතු කර ඩෝ එකක් සාදා ගන්න.අතේ නොඇලෙන ඩෝ එකත් .
- විනාඩි 5ක් නීඩ් කර සොෆ්ට් ඩෝ එකක් සාදා ගන්න .
- ඩෝ එක උඩින් තෙල් ටිකක් ගාලා සවියට් එකකින් වසා පැයක් තියන්න .
දැන් පිරවුම සාදා ගමු
✅ අවශ්‍ය දේවල් :
- සැමන් පොඩි ටින් 1
- කැරට් තරමක අල 1 (සිහින්ව දික් අතට කපාගත් ).
- සිහින්ව කපා ගත් ගෝවා .
- සිහින්ව කපා ගත් අමු මිරිස් ,ළුනු, සුදුළුනු ,
- කැලි මිරිස්
- ගම්මිරිස්
- ලුණු
✅ සාදා ගන්නා ආකාරය :
- භජනයක් ලිප තබා තෙල් මේස හැදි 3 දමා සුදුළුනු දමා බැදෙන විට ළුනු , අමුමිරිස් එකතු කර බැද ගන්න.
- කැලි මිරිස් ලුණු එකතු කරන්න . පසුව එළවළු එකතු කරන්න .
- පොඩි කරගත් සැමන් එකතු කර උයා ගන්න .
- අවසානෙට ගම්මිරිස් කුඩු තේ හැඳි 1 එකතු කර හොදින් කලවම් කරන්න .
- පැයකට පසු පිපෙන්න තිබු ඩෝ එක නීඩ් කර ලැල්ලක් මත තබා දික් අතට හදන්න.
- කැලි 10 කට කපා පොඩි බෝල සාදා ගන්න .
- එම බෝල ලෑල්ල මත තුනීකර එය වටේට මිශ්‍රණය තබන්න .මැදට දාන්න එපා .
- ඊට පසු වටෙන් මැදට කර තද කරන්න .
- ඊට පසු ඩෝ එකේ මැද ඇගිල්ලෙන් සිදුරක් සාදා අතින් ඩෝනට් එකේ හැඩයට සාදන්න . (පහල පින්තූර වල පෙනෙන පරිදි )
- එලෙස සියල්ලම සාදා තව විනාඩි 10 ක් වසා තබන්න .
- අවසානෙට ගැඹුරු තෙලේ මද ගින්දරේ බැද ගන්න.
Dhammika Panangala
0 comments:
Post a Comment