රුලං පුඩිම් හදමු (Rulan Pudim Hadamu)

රුලං පුඩිම් හදමු (Rulan Pudim Hadamu) - Your Choice Way
අද මම හැදුවා ඉතාම ලෙහෙසියෙන් හදන්න පුලුවන් තවත් රස ගුණ  පුඩිම් එකක් .  රුලං පුඩිම් . හරිම ලෙහෙසියි හදන්න  . 

✅ අවශ්‍ය දේවල් :

  • රුලං   200g
  • සීනි   100g
  • Fresh milk 500ml  (පිටිකිරි ගන්නත් පුලුවන් - පිටිකිරි  මේස හැදි 6 වතුර 500ml දිය කරන්න .  ෆ්‍රෙශ් මිල්ක් නම් ගොඩාක් හොඳයි)
  • මාජරීන් හෝ බටර් 50g 
  • මිදී   50g
  • කජු   ටිකක් කපලා ( මම නම් ගත්තේ රටකජු )
  • වැනිලා තේ හැඳි 1 
  • කරදමුoගු කුඩු තේ හැඳි  1/2 

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම පුඩිම් එක සාදා දැමීමට  අදහස් කරන භාජනයට මාජරීන් ගා  පැත්තකින් තබන්න .
  2. දැන් භාජනයකට බටර්  දමා කජු සහ මිදි  බැඳ ගන්න . 
  3. ටිකක්  බැදෙන විට රුලං ටික එකතු කර බදින්න .  විනාඩි 5 පමණ . 
  4. ඊට පසු කිරි එකතු කරන්න . හොදට මිශ්‍ර කරන්න .සිනි ටික එකතු කරන්න . 
  5. අවසානෙට කරදමුoගු කුඩු සහ  වැනිලා එකතු කරන්න . හොදින් කලවම් කරන්න . 
  6. තද ගතිය වෙනකොට  මැදට එකතු වනවිට ලිපෙන් ඉවතට ගෙන මාජරීන් ගාගත් භාජනයකට දාගන්න . 
  7. මතුපිට හොදින් තද කරන්න. පසුව වටේ බුරුල් කර පිගානක් තබා අනිත්  පැත්ත හරවන්න.  
  8. මම නම් උඩින් තව මිදි සහ කපාගත්  කජු ටිකක්  භාජනයකට මාජරීන් ටිකක් දාලා   බැඳ  ගෙන සරසා ගත්තා .
Dhammika Panangala
රුලං පුඩිම් හදමු (Rulan Pudim Hadamu) - Your Choice Way

රුලං පුඩිම් හදමු (Rulan Pudim Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment