රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමූ 🌿🎋🌿 (Ranthaliya Wewa)

රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමූ 🌿🎋🌿 (Ranthaliya Wewa) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ කවුරුත් දන්න කුරුණෑගල නගර මධ්‍යයෙහි පිහිටි වැව ගැන..ඒ නමින් රන්තාලිය වැවයි..

කාගේත් නෙත් සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් අපුරු සොබා සෞන්දර්යෙන් පිරී මේ අවට හරිම ලස්සනයි....

මේ වැවට රන්තාලිය කියන නම වැටිලා තියෙන්නේ මේ වැවේ ඒ කාලේ සෑම දවසකම එක් හෝරාවක රන්තලියක් මතුව තිබෙනවා..

අන්න ඒ නිසා තමා මේ නම ලැබිලා තියෙන්නේ ..

මේ අවදියේ රජකම් කල වත් හිමි කුමාරයකු මේ රන්තාලිය ගන්න උත්සහ කරත් ඒක ව්‍යර්ථ වෙලා තියෙනවා.....

ඉතින් ඒ විතරක් නෙමේ මේ රන්තාලිය අරන්දෙන කෙනෙක්ට ගොඩක් වස්තුව දෙනවා කියලා ප්‍රසිද්ධ කරා...

නමුත් කාටවත් ගන්න නම් ලැබිලා නෑ..

එයින් කෝපයට පත් වත් හිමි කුමරූ ඒ මිනිස්සුන් මරා දමන්න පටන් අරන්...

මේ කුමරුගෙන් ජනතාව බේරා ගන්න ඇතුගල කන්ද මුදුනේ පිරිත් මණ්ඩපයක් හදලා දින 7ක් පිරිත් කියලා අවසන් දිනේ ඒ පිරිත් මණ්ඩපයේ බැමි ලිහිල්කොට කුමරු කදුමුදුනෙන් පහලට හෙලා ඇති බව ජනප්‍රවාදයේ සදහන්...

පස්සේ ජනතාවටත් හොදින් ඉන්න ලැබුනා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා...

කොහොම වුනත්...අක්කර 150ක විහිදී මේ වැව මුලු කුරුණෑගලටම ආඩම්බරයක්...නිදහසේ සුවදායී පරිසරයක මොහොතක් ගත කරන්නට කැමැති කවුරුත් පාහේ මෙතැනට පැමිණෙන්නට පුරුදු වෙලා තියෙනවා...

ඔයාලත් කුරුණෑගල ගියාම රන්තාලිය වැව ලගට යන්න අමතක කරන්න එපා..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමූ 🌿🎋🌿 (Ranthaliya Wewa) - Your Choice Way

රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමූ 🌿🎋🌿 (Ranthaliya Wewa) - Your Choice Way

රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමූ 🌿🎋🌿 (Ranthaliya Wewa) - Your Choice Way

රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමූ 🌿🎋🌿 (Ranthaliya Wewa) - Your Choice Way

රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමූ 🌿🎋🌿 (Ranthaliya Wewa) - Your Choice Way

රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමූ 🌿🎋🌿 (Ranthaliya Wewa) - Your Choice Way

රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමූ 🌿🎋🌿 (Ranthaliya Wewa) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..

0 comments:

Post a Comment