Song Title : Ran Wan Ahasa Pura (රන්වන් අහස පුරා)
Singing : Ajith Muthukumarana (අජිත් මුතුකුමාරණ මහත්මා)
රන්වන් අහස පුරා
වැහිකළුවර තිබුනා
පෑයු සඳත් එදා
නොපෙනී යන්න ගියා //
රන්වන් අහස පුරා
කුළුදුල් පෙම් හසුනයි
සුවඳැති ලේන්සුවයි
පිදු ආදර සුවඳයි
කඳුලින් සේදෙන්නේ //
මල් පෙති පවා එදා
පරවෙන දිහා බලා
මගේ ඇස් දෙකම හඬයි
කොහොමද වාවන්නේ
රන්වන් අහස පුරා
වැහිකළුවර තිබුනා
පෑයු සඳත් එදා
නොපෙනී යන්න ගියා
රන්වන් අහස පුරා
මට ළංවෙන්න කියා
ඔබ දුන් සුවඳ පවා
අද මට වද දෙනවා
කෙලෙසද ඉවසන්නේ //
හමනා සුළඟ පවා
ඔබ හට තුරුළු වෙලා
දුක් සුසුමක් විතරක්
තනියට ඉතිරි වෙලා
රන්වන් අහස පුරා
වැහිකළුවර තිබුනා
පෑයු සඳත් එදා
නොපෙනී යන්න ගියා //
රන්වන් අහස පුරා
0 comments:
Post a Comment