Punchi Kale Api Song Lyrics - පුංචි කාලේ අපි ගීතයේ පද පෙළ

Punchi Kale Api Song Lyrics - පුංචි කාලේ අපි ගීතයේ පද පෙළ
Song Title : Punchi Kale Api (පුංචි කාලේ අපි)
ගායනය : බන්දුල විජේවීර
පද රචනය : චන්ද්‍රදාස රාජපක්ෂ
සංගීතය : බන්දුල විජේවීර


පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි...
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි...//

ඉන්දුමතී නුඹෙ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇදිලා..//
රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා..//

පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි...
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි...//

නැන්දලා මාමලා කඳමළු අරගෙන
එනවාලු ලේලි බලන්..//
ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉදපන්...//

පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි...
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි...//

රංචු පිටින් නුඹ කැන්දන් යන්නට
ඒවී නොයා ඉදපන්..//
මංගල මොහොතට තැලිපිලි අරගෙන
ලඟදිම මං එන්නම්..//

පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි...
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment