Piyek Nathiwama Puthek Song Lyrics - පියෙක් නැතිවම පුතෙක් ගීතයේ පද පෙළ

Piyek Nathiwama Puthek Song Lyrics - පියෙක් නැතිවම පුතෙක් ගීතයේ පද පෙළ
Song Title : Piyek Nathiwama Puthek (පියෙක් නැතිවම පුතෙක්)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


පියෙක් නැතිවම පුතෙක් වදනා
කතක් අසනා කොතෙක් පදවෙද
එකෙක් නෑ ඇගේ කතා ඇසුමට
ගොතන්නට පද දහසකුත් ඇත...

ඔව්...
ඌ අප්පෙක් නැති එකෙක්
ඌට අවජාතක යැයි දොඩන
උන්ගේ ජාතකේ සුජාත ද..?
කොහෙද ඒ සුපිරිසුදු ආරම්භය .....
සිංහයගෙ ගල් ගුහාවෙද...
සිංහබාහුගේ රළු හිත යටද...
නැත්නම්.....
කතාවක් අලුතින් ලියපු
සල්ලාල විජයගෙද......
නෑ ... 
ඒවට අකමැතියි.....
"අපි එන්නේ පඬු අබාගෙන්...."
එහෙම නම්බුයිලු.....
කනකොට කබර මසුත් රහලු...
"පඬුඅබා..."
ඒ කොහෙන්ද ආවේ....
මතක නෑනේ....
මතකයි... ඒත් අමතක කලා...
විජය නාවා නම් එයත් නෑලූ...
එක්ටැම්ගේකටවත් නැවතිය බැරි වූ
ආරම්භයක් ඒක......
එතකොට කෝ අර සුජාත උදවිය....
ඒගොල්ලෝ පුලින්ද....
අවුලක් නෑ.....
"අපි උදාර ජාතියක්...."
තමන්ගේ ජාතකේ මතක නැති
අනුන්ගේ ජාතකේ හොයන....

.....මධූ....🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment