Song Title : Perum Puragena (පෙරුම් පුරාගෙන)
ගායනය : සේනානායක වෙරලියද්ද
පද රචනය : පූජ්‍ය මහකණුමුල්ලේ වජිර හිමි
සංගීතය : සේනානායක වෙරලියද්ද
පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
පැතුම ද සුනු විසුනුව වැටුනේ..
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ...
මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතයේ සුව අපමන වේ...//
දොලක් වගේ දිය දෝත වගේ
ජිවතයේ අම සිසල දැනේ...
පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
පැතුම ද සුනු විසුනුව වැටුනේ..
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ...
වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ...//
දිවිය මොන තරම් සුන්දර දෝ
දුකම කොයි තරම් සතුටක් දෝ...
පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
පැතුම ද සුනු විසුනුව වැටුනේ..
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ...
0 comments:
Post a Comment