Song Title : Paaya Seetha Raye (පායා සීත රැයේ)
ගායනය : විජය කුමාරතුංග
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ
තනි තරුවේ ඔබ විලසින්
තනි වී ඇත මා සසරේ //
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ
පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ
මද පවනේ රැඳි විලසින්
හඬ තාම ඇසේ ඇයගේ //
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ
පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ
0 comments:
Post a Comment