Obata Waram Nethi Song Lyrics - ඔබට වරම් නැති ගීතයේ පද පෙළ

Obata Waram Nethi Song Lyrics - ඔබට වරම් නැති ගීතයේ පද පෙළ
Song Title : Obata Waram Nethi (ඔබට වරම් නැති)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රංජිත් රූපසිංහ
සංගීතය : නාලක අංජන කුමාර


ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැදුනේ...

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ.....//

ආ මඟ වැරදී ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවී..
බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
කඳුලක් නැ දෙනුවන පිපුනේ...

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ.....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment