Oba Nethu Ma Ha Randa Song Lyrics - ඔබ නෙතු මා හා රන්දා ගීතයේ පද පෙළ

Oba Nethu Ma Ha Randa Song Lyrics - ඔබ නෙතු මා හා රන්දා ගීතයේ පද පෙළ
Song Title : Oba Nethu Ma Ha Randa (ඔබ නෙතු මා හා රන්දා)
ගායනය : විජය කුමාරතුංග
තනුව : සරත් දසනායක
පද : සේන සමරසිංහ


ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ

කාටත් දෙන ඔබෙ නෙතේ කැලුම්
සැමට පිදෙන ඔය නුරා බැලුම්
මුතු අතරින් එන මුකුළු සිනාවෝ
ආදර සිත කලඹයි
මා ආදර හද කලතයි

ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ

සසර සැරිසරා සෙව් සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ
තලන්නෙපා අත අරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි

ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ
මා සිත රිදවන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment