Nuba Namin Ma Song Lyrics - නුඹ නමින් මා ගීතයේ පද පෙළ

Nuba Namin Ma Song Lyrics - නුඹ නමින් මා ගීතයේ පද පෙළ
Song Title : Nuba Namin Ma (නුඹ නමින් මා)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


නුඹ නමින් මා කුසේ පීදෙනා කුසුමකට
පණ පොවා රුවක් දෙමි ප්‍රේමයේ නාමයට
නුඹ දුන්නු සෙනහසේ අමිල වූ තිළිණයට
ළඟට විත් සනසන්න මන් හඬන මහ රෑට

නුඹේ හැඩ මතුකරන් එන බිළිඳු දැකගන්න
ඇඟිලි ගැන මන් ඉන්නේ ආදරෙන් රැකගන්න
වේදනා ඉවසන්නේ ඔය හිතම සනසන්න
රන්කඳේ හැමදාම ආදරෙන් ළඟඉන්න

තාම දෙන්නද කියා ඇසුව අය කෝ කොහිද
දැන් එහෙම නෑ⁣ නේද තුන්වෙනියා ලග නේද
නෙක වදන් කී අයට නිදහසක් ලැබුනේද
නුඹ හිටියේ මා ළඟම ඉන්ද්‍රකීලයක් ලෙද

තවත් නම් ඉවසන්නේ මන් කොහොම මගෙ පුතේ
මට ඕනි මගෙ තුරුලේ නුඹ තියා නලවන්න
පිය සෙනේ දෝරේ මැද නුඹෙ සිනා දැකගන්න
පවුලටම සිත පැතුම ඉටුකරදි නුඹ එන්න..

........මධූ......🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment