මේ අරුම පුදුම නැස්කා රේඛා එහෙම නැත්නම් Nazca Lines තියෙන්නේ පේරුහි නැස්කා කියන කාන්තාරයේ. යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතර මෙම නැස්කා රේඛාහි විශාලත්වය කි.මී. 80 කටත් වඩා එහෙම නැත්නම් සැතපුම් 50 කටත් වැඩි බවයි කියන්නේ. මෙම නැස්කා රේඛා නිර්මිත වකවානුව ගතහොත් එය ක්‍රි.පූ. 400 - 650 අතර වන බවයි මේ විශය පිළිබද ප්රවීණයන්ගේ අදහස.🍃
ඒ වගේම මෙම නැස්කා රේඛා මඟින් ඇදි රූප ගතහොත් ඒවා මිනිසුන්, වදුරන්, මාළුන්, මකුළුවන්, කුරුල්ලන්, සර්පයන් සහ තවත් සත්වයන්ටත් අයිති අතර විවිධ ශාක සහ විවිද ජ්‍යාමිතික හැඩතලත් ඒ අතර වෙනවා. පොළොව අභ්‍යන්තරයේ තිබුණු අඳුරු පාෂාණ අයින්කරලා එහි තිබෙන අඩු එළියක් ඇති පාෂාණ මතුකරගෙන සකසා තිබෙන අයුරු බිම් මට්ටමෙන් බැලූ විට නොපෙනෙන අතර එය එම රූප වලට ඉහළින් ගුවන් යානයකින් හෝ එමගින් ගන්නා ලද ඡායාරූප ඇසුරෙන් පමණයි දැක ගත හැකි වෙන්නේ. 🧚
මේවා කවුරුන් විසින් කවර උවමාවකින් නිර්මාණය කළාදැයි යන්න තවමත් අභිරහසක් වන නමුත් මෙම නැස්කා රේඛා සටහන් අපේ ආදිතම ගෞරවනීය මුතුන්මිත්තෙක් වන රාවණා මහා රජුගේ කාලය දක්වා දිව යන බවයි නූතන දේශීය විද්වතුන්ගේ මතය වෙන්නේ. මේවා එකළ දියුණු තාක්ෂණයේ නිර්මාණයන් වුණු අධි තාක්ෂණික ගුවන් යානා ගොඩ බැස්ස වීමට භාවිත කළ ගුවන් පථ බවයි ඔවුන්ගේ අදහස වෙන්නේ.
ඒ වගේම එකළ පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණීමේදී ඔවුන්ගේ මව් යානා ගොඩ බැස්සවීමටත් මෙම ගුවන් පථ යොදා ගෙන ඇති අතරම නැස්කා රේඛා සටහන් මෙවැනි විශාල තැනිතලා භූමිවල නිර්මාණය කර තිබීමටත් හේතුව වන්නේ එයයි. මෙවැනි දේවල් මිත්‍යාවන් යැයි බැහැර කළ නොහැක්කේ අදටත් අපේ රටේ මීට අවුරුදු 5000 කටත් කළින් භාවිත කළ නමුත් අද වන විට එය භාවිත කිරීමේ තාක්ෂණය නොදන්නා තරු දොරටු (Star Gates) රටේ විවිධ දෙසින් හමු වීමයි. තාරකා දොරටු හඳුන්වන්නේද විවිධ ලෝක තලවලට ප්‍රවිෂ්ට විය හැකි මාර්ග ලෙසිනුයි. අද ඉතා පුදුම සහගත දේවල් උනත් එකළ පිටසකවල ජීවීන් සමඟ ඉතා කිට්ටු ආශ්‍රයන් තිබීම සාමන්‍ය දෙයක් වූ අතරම මේවායේ නිර්මාණයට එම සබඳතා ඉවහල් වී ඇති බවයි ප්රවීණයන්ගේ අදහස වෙන්නේ. 💐
(කතාව අන්තර්ජාලය ඇසුරෙනි) ✍️ Kushani De Silva - නොදත් තතු
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment