Mudu Muhune Song Lyrics - මුදු මුහුණේ ගීතයේ පද පෙළ

Mudu Muhune Song Lyrics - මුදු මුහුණේ ගීතයේ පද පෙළ
Song Title : Mudu Muhune (මුදු මුහුණේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී
තනුව : ගුණදාස කපුගේ
පද : මහින්ද දිසානායක


මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද//

පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද//
උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ළඳුනේ මං විතරද//
ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතරද

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment