Song Title : Mitiyawathe (Supipi Mal) (මිටියාවතේ (සුපිපි මල්))
පද : නදීක ගුරුගේ
තනුව : නදීක ගුරුගේ
ගායනය : නදීක ගුරුගේ
ගිටාර් : නදීක සහ සුමුදු ගුරුගේ
සුපිපි මල් කොයිබදෝ මිටියාවතේ
සුපිපි මල් මිටියාවතේ කාලෙකට මත්තේ
කෙල්ලෝ උන් නෙලූ මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
කෙල්ලෝ කොයිබදෝ මිටියාවතේ
කෙල්ලෝ මිටියාවතේ කාලෙකට මත්තේ
තරුණෝ උන් දිනූ මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
තරුණෝ කොයිබදෝ මිටියාවතේ
තරුණෝ මිටියාවතේ කාලෙකට මත්තේ
තරුණෝ අවි දැරූ දිනූ මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
තරුණෝ අවි දැරූ කොයිබදෝ
තරුණෝ මිටියාවතේ කාලෙකට මත්තේ
තරුණෝ සරු කෙරූ පස මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
සරු පස කොයිබදෝ මිටියාවතේ
සරු පස මිටියාවතේ කාලෙකට මත්තේ
සරු පසේ මල් පිපී මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
සුපිපි මල් කොයිබදෝ මිටියාවතේ
සුපිපි මල් මිටියාවතේ කාලෙකට මත්තේ
කෙල්ලෝ උන් නෙලූ මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
0 comments:
Post a Comment