✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පිටි කෝප්ප 02
- කිරිපිටි තේ හැඳි 01
- ඔලිව් තෙල් මේස හැඳි 02
- ලුණු තේ හැඳි 1/2
- යීස්ට් තේ හැඳි 1
- සීනී තේ හැඳි 1
- මද උණු වතුර කෝප්ප 1/2
- තක්කාලි සෝස් අවශ්‍ය පමණ
- කපාගත් තක්කාලි
- කැරට්/මාළු මිරිස් අවශ්‍ය පමණ
- බෙල් පෙපර් අවශ්‍ය පමණ
- බී ළුණු ගෙඩි 1ක් (ලොකුවට කැපූ)
- ගම්මිරිස් ස්වල්පයක්
- ගා ගත් මොසරැල්ල චීස්
✅ සාදන ආකාරය :
- බෝල් එකක් ගෙන යන්තමින් රස්නේ ඇති උණු වතුර කෝප්ප 1/2 හා සීනී තේ හැන්ද එයට දමා දියකරගන්න.
- එයට යීස්ට් තේ හැන්ද දියකරගෙන විනාඩි 10ක් පමණ පිපෙන්න වහලා තියන්න
පීසා ඩෝ එක සඳහා:
- තව බෝල් එකකට පාන්පිටි, කිරිපිටි හා ලුණු ටික දමා කලවම් කරන්න.
- සාදාගත් යීස්ට් සහ සීනි මිශ්‍රණය දමා හොඳට අනා ගන්න. එම පිටි මෝලිය හොඳට විනාඩි 15ක් පමණ අනන්න.
- මෝලිය වීදුරු බෝල් එකකට දමා එයට උඩින් ඔලිව් තෙල් ටිකක් ගා, එය ඩබල් සයිස් වෙනකන් ලන්ච් ෂීට් එකකින් හෝ හොඳට වසා තබන්න.
- නන්ස්ටික් පෑන් එකක් ගෙන පිටි මෝලිය පෑන් එකේ ප්‍රමාණයට කඩා හොඳට සිහින්ව රොටියක් සාදන ආකාරයට අතින් වඩන්න. එහි වටේ පොඩි ගැට්ටක් පවතින පරිදි සකසාගන්න.
- ගෑරුප්පුවකින් රොටිය පුරාම සිදුරු කරන්න.
- රොටිය වටේ ගැට්ටේ නොගෑවෙන පරිදි තක්කාලි සොස් හොඳට තවරගන්න.
- මොසරැල්ලා චීස් එයට උඩින් දමන්න.
- කපාගත් එළවළු ඊට උඩින් ලස්සනට දමන්න.
- එයට උඩින් තවත් චීස් තට්ටුවක් දමන්න.
- මල්ටිපර්පස් කුකර් එකකට පීසා එක දමා සෙල්සියස් අංශක 140 දමා විනාඩි 20-25 පමණ තියා ගන්න අවශ්‍ය ප්‍රමාණයට. නැති නම් නන්ස්ටික් පෑන් එකකට පීසා එක දමා හොඳින් රත්වෙන පියනකින් වසා විනාඩි 20-25ක් අඩුම ගින්දරේ ලිපේ තබා පුළුස්සා ගන්න.
ලේඩි බර්ඩ්
0 comments:
Post a Comment