කිරි පිටි පාවිච්චි කරලා ගොඩාක්ම ගොඩාක් ලේසියෙන් ,අඩුම වියදමකින් මිල්කමේඩ් හදමුද ??? මිල්ක් මේඩ් හදන ගොඩක් රෙසිපි තියනවා ඒ අතරින් පුංචි ,පුංචි වෙනස් කම් කීපයක් කරලා මන් ඔයාලට මේ රෙසිපි එක අරන් අවා.ගොඩාක් දෙනෙක්ට මේ දවස් වල මිල්ක් මේඩ් ගන්න ටිකක් අමාරු නිසා මේ රෙසිපි එක ගොඩාක් වැදගත් වෙයි.....
✅ අවශ්‍ය දෑ : 🥛
- සම්පූර්ණ යොදය සහිත කිරි පිටි 80 g
- ලා රස්නෙ වතුර 500 ml
- සීනි 200 g
- බේකින් සෝඩා පිංචක්
✅ සාදන ආකාරය : 🥛
- මේක හදන්න හරිම ලේසි කිරි පිටි ටිකට ලා රස්නෙ වතුර ටික දාලා කිරි එක උකුවට හදාගන්න ඕන.
- දැන් සීනි ටිකත් දාලා හොදට කිරි එක මිශ්‍ර කරගන්න.
- දැන් බාජනයක් ලිප තියලා ඒකට කිරි එක දාලා ( නන්ස්ටික් නම් ගොඩක් හොදයි ) ලිප ඔන් කරලා හොදට හැදි ගාන්න.
- කිරි එක කැටි ගැහෙන්න දෙන්න එපා. දිගටම හැදි ගාන්න ඕන. මුලින් වැඩි ගින්නෙ කිරි එක නටන්න ගන්න කොට ගින්දර හොදටම අඩු කරලා අඩුම ගින්නෙ එක දිගට හැදි ගාන්න. ( අපි කිරි ටොෆී හදනව වගේ. )
- දැන් විනාඩි 15 ක් 20 ක් වගේ යනකොට හොද උකු කිරි මිශ්‍රණය ක් එනවා. මේ වෙලාවෙ ඔයාට හැන්දෙන් ටිකක් අරන් මිල්කමේඩ් සුවද එනවා . ඇගිල්ලට ටිකක් අරන් බැලුවොත් මිල්කමේඩ් රස දැනෙනවා.
- මේ වෙලාවෙ බේකින් සෝඩා ටික දාලා ලිප ඕෆ් කරගන්න. ( බේකින් සෝඩා අත්‍යාවශ්‍ය ම නෑ නමුත් තියන්ව නම් දාන්න ,හොද ක්‍රීම් ගතියක් ගන්න පුලුවන් මේ බේකින් සෝඩා මගින්.)
✅ වැදගත් 👇👇👇👇
- ඕනාවට වඩා ලිප තියාගන්න එපා . අතට උකු ගතියක් දැනෙන කොට බේකින් සෝඩා ටික දාලා ලිප ඕෆ් කරන්න. ( මොකද මේක නිවෙනකොට තව උකු වෙන නිසා )
- ඔයාලට කිරි පිටි වෙනුවට සම්පූර්ණ යොදය සහිත ෆ්‍රෙශ් මිල්ක් ගන්නත් පුලුවන්.
- සාමාන්‍යයෙන් කිරි 500 ml න්, මිල්කමේඩ300g පමන හදාගන්න පුලුවන්.
- මිල්කමේඩ් යොදාගෙන හදාගන්න පුලුවන් ඕනම කෑම වර්ගයක්, කැවිලි වර්ගයක් ,අතුරුපසක් හදාගන්න පුලුවන්.
0 comments:
Post a Comment