Me Mihimandale Song Lyrics - මේ මිහිමඬලේ ගීතයේ පද පෙළ

Me Mihimandale Song Lyrics - මේ මිහිමඬලේ ගීතයේ පද පෙළ
Song Title : Me Mihimandale (මේ මිහිමඬලේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය : රෝහණ වීරසිංහ
පද : ධර්මසිරි ගමගේ


මේ මිහිමඩලේ
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට
අප හා එනු මැන
පාද යාත්‍රාවේ
මේ මිහිමඩලේ

ඔබ අත දුන මැනවි
මා අත ගනු මැනවි
අත්වැල් බන්දා මෙත් සිත් රන්දා
අත්වැල් බන්දා මෙත් සිත් රන්දා
අප යන ගමනට එක්වනු මැන ඔබ
පාද යාත්‍රාවේ

මේ මිහිමඬලේ
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට
අප හා එනු මැන
පාද යාත්‍රාවේ
මේ මිහිමඩලේ

යුද බිම මල් අතුරා
ලොවම මලින් සරසා
මිනිස් සුගන්දේ සිත් ආනන්දේ
මිනිස් සුගන්දේ සිත් ආනන්දේ
ඒ මල් යායට එක්වනු මැන ඔබ
පාද යාත්‍රාවේ

මේ මිහිමඬලේ
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට
අප හා එනු මැන
පාද යාත්‍රාවේ
මේ මිහිමඩලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment